About Us

පුංචි කාර් නිවස ගැන මේ දේවල් දන්නවාද?

පුංචි කාර් නිවස ආරම්භ වූයේ වාහන 3කිනි. අද පුංචි කාර් නිවස වාහන 400ක දැවැන්ත වාහන උද්‍යානයකි.

13 අවාසනාවන්ත අංකයක් යැයි කියයි. විශේෂයෙන්ම වාහනවල අංක එකතුව 13 වූ විට විකුණා ගැනීම ද අපහසුය. මේ 13 අවාසනාවන්ත යැයි ජනතාව කොතරම් විශ්වාස කළේ ද යත් එම බලපෑම නිසා මෝටර් ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් 13 අංක එකතුව එන ලෙස වාහන අංක නිකුත් කිරීම ද අත්හිටුවිය. ඒ අනුව 18 ශ‍්‍රී වලින් පසුව අංක එකතුව 13 එන ලෙස වාහන අංක ලබා දීම රජය මගින් ම නවතා දමන ලදී. එහෙත් අපි සියල්ලට අභියෝග කළෙමු. පුංචි කාර් නිවසේ පළමු වාහනයේ අංකවල එකතුව 13 විය. 12 ශ‍්‍රී 0913 සුසුකි ජපන් මෝටර් රථය අපගේ පළමු වාහනයයි. රටටම අවාසනාවන්ත වූ 13 අපි ජය ගතිමු.

ලෝකයේ සියලූ වාහන අලෙවි ප‍්‍රදර්ශනාගාර පවත්වාගෙන යන්නේ ජනාකීර්ණ වීථියකට මුහුණ ලායි. වාහන අලෙවි ප‍්‍රදර්ශනාගාර ජනතාවගේ ඇස ගැටෙන තැන්වල තිබිය යුතුය. වාහන අලෙවි මධ්‍යස්ථානයක් ජනතාවගෙන් හුදෙකලා ප‍්‍රදේශයක පවත්වාගෙන යා හැකිද? අපි එයට ද අභියෝග කළෙමු. පුංචි කාර් නිවස වාහන උද්‍යානය පිහිටා තිබෙන්නේ ජනතාවගෙන් හුදෙකලා වූල ප‍්‍රධාන මාර්ගයේ සිට මීටර් 600ක් ඇතුළතට යා යුතු හරිත කලාපයකයි. ලොව කාටත් කළ නොහැකි වූ දේ අපි කළෙමු. අද ලංකාවේ වාහනයක් මිල දී ගැනීමට හෝ තම වාහනය විකිණීමට සිතන ඕනෑම කෙනෙක් පුංචි කාර් නිවස වාහන උද්‍යානයට පැමිණ මිස තීරණ ගන්නේ නැත.

පුංචි කාර් නිවසට විකිණීමට භාර දීමට එන වාහන සැම එකක්ම අපි භාර නොගනිමු. ඒවා පරීක්‍ෂාවකට ලක් කර ගැටළු රහිත හොඳ වාහන පමණක්ම අපගේ පාරිභෝගික ජනතාව වෙනුවෙන් පුංචි කාර් නිවසට භාර ගනිමු.

වාහනයක් මිල දී ගැනීමට සූදානම් වන විට එම වාහනය සම්පූර්ණ ස්කෑන් පරීක්‍ෂාවකට ලක්කොට එම වාර්තාව ද පාරිභෝගිකයාට ලබා දෙන අතර කිසියම් ගැටළුවක් ඇත්නම් වාහනය අපගේ පාරිභෝගිකයාට ලබා නොදී අයිතිකරු වෙත ආපසු යවමු.

හයිබ්‍රිඩ් වාහන ගන්නා විට හයිබ්‍රිඩ් බැටරි පරීක්‍ෂාව කරගත යුතුමය. එම සේවාව පුංචි කාර් නිවසේ දී ලබා දෙන්නේ නොමිලේමය.

ඕනෑම වාහනයක් මතුපිටින් දකින විට ඉතා හොඳය. වාහන ගමන් කරන්නේ මහා මාර්ගයේයි. එබැවින් බැලිය යුතු දේ තිබෙන්නේ වාහනයේ මතුපිට නොව යටය. එබැවින් අපි වාහනයක් ගන්නා විට එම වාහනය හොයිස්ට් යන්ත්‍ර මගින් ඔසවා වාහනයේ යට තත්ත්වය බැලීමට අවස්ථාව ලබා දෙන්නේ ද නොමිලේමය. එහිදී චැසිය ඇදවෙලාදල දිරලද, අනතුරට ලක්වෙලාද අලූත්වැඩියා කරලද, සම්ප්, ඉන්ධන ටැංකිය සයිලන්සර්, බ්රේක් බට ආදියෙහි ඩැමේජ් තිබෙනවාද? එබීම්, තැලීම්, පෑස්සුම් තිබෙනවාද? ඔයිල් ලීක් තිබෙනවාද? චැසි හානි තිබෙනවාද? මේ සියල්ල දැක ගැනීමට වාහනයේ ගැණුම්කරුවාට හැකියාව ලැබේ. මෙම සේවය ද ලැබෙන්නේ නොමිලේය.

මිල දී ගන්නා සෑම වාහනයකටම බොරලැස්ගමුව අබිරාමි ඔටෝ කෙයා ආයතනයේ දී LABOUR FREE සේවා වාර 3ක් ද හිමිවේ.

මෙම සේවාවන් සඳහා කිසිදු අතිරේක ගාස්තුවක් ද අය නොකෙරේ.

තෝරා ගැනීමට වාහන 400කට ආසන්න ප‍්‍රමාණයක් එකම තැනක ඇති ලංකාවේ එකම තැනයි පුංචි කාර් නිවස වාහන උද්‍යානය.

වාහන ගනුදෙනු කතා කෙරෙන්නේ ස්පීකර් ෆෝන් ආධාරයෙන් ගැණුම්කරුට ද ඇසෙන ලෙසයි. ඉතින් ගනුදෙනුව මුළුමනින්ම විවෘතය.

වාහනයකට අත්තිකාරම් මුදලක් ගත් සැණින් එම මිල සනාථ කර වාහනයේ හිමිකරුගේ දුරකථනයට එස්එම්එස් පණිවිඩයක් යන්නේ අපගේ තොරතුරු ජාලය හරහා ස්වයංක‍්‍රීයවමය.

වාහනයක් විකිණීමෙන් පසු අප ගාස්තු අය කරන්නේ වාහනයේ හිමිකරුගෙන් පමණි. ලක්‍ෂ 15 ට අඩු මෝටර් කාර් සඳහා පමණක් රු15000 කි. ලක්‍ෂ 15 සිට ලක්‍ෂ 50 දක්වා වාහන සඳහා රු20000 කි. ලක්ෂ 50 සිට 100 දක්වා වාහන සඳහා රු.25000 කි. ලක්‍ෂ 100 ට වැඩි වාහන සඳහා රු.100000 කි. මෙම අය කිරීම සිදු වන්නේ වහනය විකිණුනහොත් පමණි. වෙනත් කිසිඳු ගෙවීමක් කල යුතු නැත.

වාහනය ගැණුම්කරු වෙත ලැබෙන්නේ එම වාහනයේ අයිතිකරුගේම මිලටයි. ඉතින් පුංචි කාර් නිවසේ වාහනවල මිලත් අඩුයි.

පුංචි කාර් නිවස වාහන උද්‍යානය

ශ‍්‍රී ලංකාවේ සුවිශාලතම වාහන එකතුව

ශ‍්‍රී ලංකාවේ වාහන සුපර් මාකට් එක

සිරිලක වාහන ඉසුරු පුරය.

MEDIA GALLERY