ඔබට ඇති ප්‍රශ්නවලට අපෙන් පිළිතුරු මෙන්න.

පුංචි කාර් නිවසට එන්නෙ කොහොමද?

අධිවේගී මාර්ගයෙන් එනකොට – මාතර කොට්ටාව දෙසින් නම් කොතලාවලින් පිටවෙන්න. හොඳින් මතක තියාගන්න අතුරුගිරිය පිටවීමේ මාලඹේට කියා පෙන්වා තිබුණත් අතුරුගිරියෙන් පිටවෙන්න එපා. කොතලාවලින් පිටවී වමට බත්තරමුල්ල දෙසට කිලෝමීටරයයි. කඩවත දෙසින් නම් කඩුවෙලින් පිටවී කඩුවෙල නගරය හරහා දකුණට මාලඹේ දෙසට කිලෝමීටර් 3යි. 177 කඩුවෙල කොල්ලූපිටිය බස් මාර්ගය. ස්ලිට් කැම්පස් ඉඩම මායිමේමයි. මාලඹේ දෙසින් නම් ස්ලිට් කැම්පස් ඉඩම පසුවන තැනම දකුණට ඉසුරුපුර පාරේ ඇතුළට මීටර් 600යි. කඩුවෙල දෙසින් එනවිට දකුණේ පෙනෙන KIA showroom එක පහුවෙන තැනම වමට ඉසුරුපුර පාර.

අපේ වාහනත් විකුණන්න භාර ගන්නවද?

ඔව්. මේ වාහන 400ම ඒවා හිමිකරුවන් සතුවාහනයි. වාහනයක් ගෙනාවම අපි පරීක‍ෂාවක් කරනවා. වාහනය අනතුරුවලට ලක්වෙලා නැතිනම්, වෙනත් ගැටළුත් නැතිනම් ලියකියවලිත් නිරවුල් නම් විකිණීමට භාර ගන්නවා.

වාහනයක් භාර දෙන්න එනකොට මොනවද ගේන්න ඕනැ?

වාහනයයි, ලියාපදිංචි සහතිකයේ ඡායා පිටපත් දෙකයි විතරයි. වෙන කිසිම ලියකියවිල්ලක් අපි තබාගන්නේ නැහැ. ඉතිරි ලියකියවිලි ගෙනෙන්න ඕනෑ ගැණුම්කරුවකු වාහනය මිල දී ගන්නට පැමිණි පසුවයි. එයට අපි කල් ඇතිව දැණුම් දෙනවා.

වාහනයක් විකුණලා දෙන්න කීයක් ගන්නවද?

ලක‍ෂ 15ට අඩු මෝටර් කාර් සඳහා පමණක් රු.15000ක් විතරයි.
ලක‍ෂ 15 සිට 50 දක්වා සියළුම වාහන සඳහා රු.20000/-යි.
ලක‍ෂ 50ට වැඩි වාහන සඳහා රු.25000/-යි.
වෙනත් කිසිදු ගාස්තුවක් හෝ බිම් කුළියක් අය කෙරෙන්නේ නැහැ.

මොනවද තියෙන වාහන?

ලංකාවේ තිඛෙන වාහන වර්ගවලින් සෑම වාහනයක්ම වාගේ තිඛෙනවා. ඔක්කොම වාහන ප්‍රමාණය 400කට කිට්ටුයි. TOYOTA, NISSAN, MAZDA, HONDA. MITSUBISHI, SUZUKI, PERODUA, HYUNDAI, KIA, MARUTI, TATA, DAIHATSU, CHERY QQ, MICRO, AUDI, SUBARU, FORD, CHEVROLET, ZOTYE, PROTON, FOTON, MAHINDRA.

මේවා ලීසිං ඇරියස් වෙච්ච වාහනද?

කොහෙත්ම නැහැ. ලංකාව් කාට හරි තමන්ගේ වාහනය විකුනාගන්න ඕනැ වෙනකොට පුංචි කාර් නිවසට ගෙනත් භාර දෙනවා. එහෙම භාර දෙන වාහන තමයි මේ තියෙන්නෙ.

ලීසිං පහසුකම් ගන්න පුලූවන්ද?

ඔව්. පුංචි කාර් නිවස වාහන උද්‍යානය තුළම ලීසිං සමාගම් හතරක් පිහිටුවා තිඛෙනවා. මෙම සමාගම්වල නිළධාරීන් ඔබට අවශ්‍ය සේවා සහ උපදෙස් සැපයීමට සැම විටම සූදානමින් සිටිනවා.

අමතන්න –

 

පීපල්ස් ලීසිං සමාගම   කවීෂ 0714198767
එල්.බි.ෆිනෑන්ස් සමාගම – කවිශ්ක – 0773 477 507
සිංගර් ෆිනෑන්ස් සමාගම – නාමල් – 0722 352 827
මර්කන්ටයිල් ඉන්වෙස්මන්ට්ස් – නිලුෂ – 0712 498 420

පුංචි කාර් නිවසේ තිඛෙන්නේ හොඳ වාහන විතරයි කියලා ඔබ කියන්නේ කොහොමද?

අපි වාහන විකුණන්න භාර ගන්නේ තත්ත්ව පරීක්ෂාවකට පසුවයි. වාහනය විකිණීමට ප්‍රදර්ශනය කරන්නේ මෙම තත්ත්ව පරීක්ෂාව සමත් වුනොත් පමණයි. ඊට අමතරව වාහනය ගන්නා විට ස්කෑන් පරීක‍ෂාවක් නොමිලේම කර දෙනවා. වාහනය හොයිස්ට් මගින් ඔසවා චැසි අනතුරු පරීක්ෂාවත් නොමිලේම කර දෙනවා. වාහනයේ පොතත් ස්කෑන් කර එහි නිරවද්‍යතාව පරීක්ෂා කරනවා. මෙම සියලූ පරීක්ෂාවන්වලදී වාහනය සහ ලියකියවිලි නිවැරැදි බව තහවුරු වුනොත් පමණයි වාහනය අපේ ගැණුම්කරුට ලබා දෙන්නේ.

වාහනවල ලියකියවිලි නිරවුල්ද කියලා බලන්නෙ කොහොමද?

ක්‍රම කිහිපයකට එය සිදු වෙනවා. ලියාපදිංචි සහතිකය තාක‍ෂණික උපකරණ මගින් ස්කෑන් කර එය රජයේ මුද්‍රණාලයේ නිවැරැදි මුද්‍රණයක්දැයි හඳුනා ගන්නවා. ලියකියවිලි පරීක්ෂාව පිළිබඳව අපගේ කාර්ය මණ්ඩලය මනා පළපුරුද්දක් සහිතයි. ලියකියවිලි පරීක්ෂා කිරීම කළ යුත්තේ එසේ දැණුවත්ව පමණයි.

 

ඔබ ආයතනයේ හිමිකාරිත්වය කාගේද?

මාලඹේ පුංචි කාර් නිවස පෞද්ගලික සමාගම 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ සංස්ථා ගත කරන ලද රජයේ නීත්‍යානුකූල සමාගමකි.

ගරු සභාපති – සරත් යාපා බණ්ඩාර මහතා
කළමණාකාර අධ්‍යක‍ෂ – පී.මල්වත්ත මහතා.

නිළධාරි මණ්ඩලය –

පරිපාලන කළමණාකාරිණී – ඉමේෂා මල්වත්ත මිය.
අලෙවි කළමණාකරු – ජයතිලක යාපා බණ්ඩාර මහතා.
විගණන නිළධාරිණී – චමනි එගොඩගේ මිය.
තොරතුරු තාක‍්ෂණ නිළධාරි – කැළුම් කෞෂාල් මහතා.

පාරිභෝගික සේවා නිළධාරීන් – රිම්සි මනාන් මහතා.
අලෙවි විධායක නිලධාරීන්- වසන්ත කුමාර, නිලන්ත කුමාර, අසංක ධනන්ජය, සුපුන්
කෝසල, ප්‍රසන්න ගමගේ, ජනක පුෂ්පකුමාර, තුෂාර විජිත කුමාර, සුරේෂ් ආටිගල.
අලෙවි නිළධාරීන් – පී.කේ. ප්‍රේමසිරි,  ඩී. වන්නිගම, රත්නසිරි රාජපක‍්ෂ, ගාමිණී කරුණාරත්න.

වාහනවල ආරක්ෂාව කොහොමද?

පුංචි කාර් නිවසේ සියලූම වාහන සහ දේපළ FAIR FIRST රක්ෂණයෙන් සුරක්ෂිත කර තිඛෙනවා. සීසීටීවි කැමරා 27ක් පැය විසි හතර පුරා ක්‍රියාත්මකයි.
ආරක‍ෂක සේවා සැපයුම් සමාගම – CIRCA TECHNOLOGY SERVICES

ලිසිං සහකරුවන් කවුද?

පීපල්ස් ලීසිං සමාගම   කවීෂ 0714198767
එල්.බි.ෆිනෑන්ස් සමාගම – කවිශ්ක – 0773 477 507
සිංගර් ෆිනෑන්ස් සමාගම – නාමල් – 0722 352 827
මර්කන්ටයිල් ඉන්වෙස්මන්ට්ස් – නිලුෂ – 0712 498 420

අප විකිණීමට භාර දෙන වාහන පිළිබඳව ප්‍රචාරයකුත් ලබා දෙනවද?

ඔව්. නොමිලේම. වාහනය භාර දුන් සැනින්ම ඒ පිළිබඳ තොරතුරු වෙබ් අඩවි ගණනාවක පළ වෙනවා. www.punchicar.com, www.ikman.lk, www.carmudi.lk ඊට
අමතරව පොදු පුවත්පත් දැන්වීම්, රූපවාහිනී දැන්වීම්, සමාජ ජාල හරහා ප්‍රචාරක කටයුතු සිදු වෙනවා.

පුංචි කාර් නිවසට ශාඛා තිඛෙනවාද?

නැහැ. දිවයිනේ වෙනත් කිසිදු ප්‍රදේශයක අපේ ශාඛා පිහිටුවා හෝ නියෝජිතයින් යොදවා නැහැ. සියළුම සේවාවන් සිදු කෙරෙන එකම ස්ථානය පුංචි කාර් නිවස වාහන උද්‍යානය ඉසුරුපුර පාර, මාලඹේ. ස්ලිට් කැම්පස් අසල KIA showroom ඉදිරිපිටින් ඇති ඉසුරුපුර පාර. මීටර් 600ක් ඇතුළට එන්න. මග පෙන්වීමේ පුවරු දිගටම සවිකර තිඛෙනවා.

පුංචි කාර් නිවසෙන් වාහනයක් ගන්නකොට ලැඛෙන පහසුකම් මොනවද?

තෝරා ගන්න වාහන 400ක් තිඛෙන ලංකාවේ එකම තැන. වාහනයක් ගන්නකොට නොමිලේම වාහන ස්කෑන් පහසුකම් ලබා දෙන ලංකාවේ එකම තැන. නොමිලේම වාහන හොයිස්ට් මගින් ඔසවා පරීක‍්ෂා කර දෙන ලංකාවේ එකම තැන. නොමිලේම හයිබ්‍රිඩ් බැටරි පරීක්ෂාව කර දෙන ලංකාවේ එකම තැන. නොමිලේම සේවා වාර තුනක් ලියාපදිංචි වාහනවලට ලබා දෙන ලංකාවේ එකම තැන. නොමිලේම ප්‍රධාන මාර්ගය දක්වා ෂට්ල් සේවා පහසුකම් ලබා දෙන ලංකාවේ එකම තැන.