බොහෝ වෙලාවට මූල්‍ය ආයතනයකින් දෙන ඩිලිවරි ඕඩර් එකට වාහන දීම සිදුවෙනවා. ඒත් එහෙම දීමෙන් වාහනයේ විකිණුම්කරුටත්, ගැණුම්කරුටත් දෙපාර්ශ්වයටම මුහුණ දීමට සිදුවිය හැකි අවදානම් කිහිපයක් ගැන අපි දැනගෙන ඉන්නම ඕනෑ. මෙන්න මතුවිය හැකි ප්‍රශ්න.

ඩීඕ එක දීලා ගැණුම්කරු වාහනේ අරන් ගියා කියමුකෝ, මේ වාහනයේ පැවරුම සම්බන්ධයෙන් මොකක් හරි ගැටළුවක් මතුවුනොත් මොකද වෙන්නෙ? වාහනයේ පැවරුම සම්බන්ධයෙන් විරෝධතාවක් දාලා තිබුණොත්? නීතිමය ගැටළුවක් තිබුණොත්? වාහනේ අරන් ගියාට පැවරුම සිද්ධ වෙන්නෙ නැහැ. තමන්ට අයිති නැති වාහනේකට ලීසිං ගෙවන්නත් සිද්ධ වෙනවා. ඩීඕ එකේ වටිනාකමට අමතරව වාහනේට අදාල ඉතිරි මුදල වාහනයේ අයිතිකරුට දීලත් ඉවරයි. හිතන්න දැන්, මේ ප්‍රශ්නය විසඳගන්න පුලූවන් එකක්ද කියලා.

ඩී.ඕ.එකට වාහනේ දුන්නම වාහනයේ අයිතිකරුට ඇතිවන ගැටළුවත් තේරුම් ගන්න. සමහර මූල්‍ය ආයතනවල සමහර නිළධාරීන් තම සේවාදායකයා හෙවත් වාහනයේ ගැණුම්කරු සතුටු කරන්නට ඉක්මණින්ම ඩීඕ එක දීලා තමන්ගේ කඩිනම් බව පෙන්වනවා. එහෙම කරන අවස්ථාවල සමහර විට වැලිවේෂන් එක ලැබිලත් නැහැ. ගැණුම්කරුගේ ලියකියවිලිවල අඩුපාඩුකම් තිබුණත් පසුව සම්පූර්ණ කරගැනීමට තබා ගනිමින් ඩීඕ එක දෙනවා. සමහර වෙලාවට ගැරන්ටර්ස්ලා අත්සන් කරලා ඉවරත් නැහැ. මෙහෙම තියෙද්දි ඩී.ඕ. එක නිකුත් වෙන වෙලාවල් ඕනෑ තරම් තියෙනවා. ඉතින් ගැණුම්කරුට වාහනේ දීලා ඔහු එය අරන් ගියත් වාහනයේ හිමිකරුට අදාල ගෙවීම් සම්පූර්ණ වෙන්නෙ නැහැ. මොකද අර කල් තබාගත් අඩුපාඩු සම්පූර්ණ කරගන්නා තුරු චෙක්පත මුද්‍රණය නොවන නිසා. ඒ සියල්ල සම්පූර්ණ වුනු පසුවයි පැවරුම සිදුකර ගෙවීම් සූදානම් කෙරෙන්නේ. ඉතින් වාහනය අරන් ගිය පසු ඉතිරි අඩුපාඩු ලියකියවිලි සම්පූර්ණ කරන්නට ගැණුම්කාර පාර්ශ්වය ඉක්මන් වෙන්නෙත් නැහැ. මේ වගේ වෙලාවක විකිණුම්කරුට මූල්‍ය ආයතනයෙන් මුදල් ලබා ගැනීම සඳහා විශාල සටනක් කරන්නටත්, ගැටුම් ඇතිකර ගන්නටත් සිදු වෙනවා.

සමහර අවස්ථාවල වාහනයේ චැසි අංකයේ හෝ එන්ජින් අංකයේ වෙනසක් තිඛෙන්න පුලූවන්. ඒ බව අනාවරණය වෙන්නෙ ලීසිං සමාගම වැලිවේෂන් එක පරීක්ෂා කරනකොටයි. එවැනි වෙලාවක වාහනය මෝටර් ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයට ඉදිරිපත් කර තාක‍ෂණික වාර්තා ලබාගෙන එම අංක නිවැරැදි කිරීමට යොමු කළ යුතුයි. එසේ නොකර වාහනයට අදාල මුදල් විකිණුම්කරුට ලැඛෙන්නේ නැහැ. ඉතින් මෙහෙම දෙයක් වුනොත් වාහනයේ හිමිකරු එම වාහනය මෝටර් ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන්න සිදුවෙනවා. ඒත් වාහනය ඔහු ළඟ නැහැ. එම වාහනය තිඛෙන්නේ ගැණුම්කරු අතේ. මෙතැනදී ගැණුම්කරුත් විකිණුම්කරුත් අතර යම් මත ගැටුමක් ඇතිවෙන්න පුලූවන්.

සමහර අවස්ථාවල නිරවුල් කිරීම ඉතා අපහසු මට්ටමේ ප්‍රශ්න තිඛෙන්න පුලූවන්. අලූත් එන්ජිමක් තබා එය ලියාපදිංචි කර නොතිබුණොත් එයට අදාල රිසිට් පත් ඕනෑ. එම කාලයට අදාල ආදායම් බලපත්‍රයත් ඕනෑ. මෙයට වඩා වෙනස් ආකාරයේ ප්‍රශ්න තිඛෙන්නත් පුලූවන්. ඒ වගේ වෙලාවක මොකද වෙන්නෙ? ලීසිනුත් දාලා ඉවරයි.

සමහරු හිතාගෙන ඉන්නේ ඩීඕ එක හම්බ වුනා කියන්නේ සල්ලි හම්බවුනා වගේ තමයි කියලයි. ඒත් ඩීඕ එක කියවලා බලන්න. නීත්‍යානුකූල පැවරුමෙන් පසුව වාහනයේ හිමිකරුට මූල්‍ය සමාගමෙන් චෙක්පත නිකුත්කරන බවයි එහි සඳහන් වන්නේ. මේ පැවරුමට බාධා වන සාධක තිබුණොත් වාහනයේ හිමිකරුට මුදල් ලබාගන්න විදිහක් නැහැ.

තවත් අය හිතාගෙන ඉන්නේ ඩීඕ එක දුන්නොත් වාහනේ දෙන්නම ඕනෑ කියලයි. එහෙම නැහැ. ඩී.ඕ.එක ලැබුණම අදාල ලියකියවිලි එම මූල්‍ය සමාගමට භාර දීමට කටයුතු කිරීමයි හොඳ. එතකොට මූල්‍ය සමාගම අඩුපාඩු ලේඛණ සියල්ල සම්පූර්ණ කරගෙන පැවරුමට යොමු කරනවා. පැවරුමෙන් පසුව චෙක්පත ලැඛෙනවා. ඔබට තිඛෙන්නේ ඉතිරි මුදල ගැණුම්කරුගෙන් ලබාගෙන වාහනය භාර දීමයි. වැඩේත් ඉක්මන්. කවුරුත් සුරක‍ෂිතයි.

අපි නොහිතන මෙහෙම දේවලූත් වෙනවා. ලීසිං සමාගමෙන් ඩීඕ එක ලැබිලා තිබුණත්, චෙක්පත නිකුත් වෙලා තිබුණත් ගැණුම්කරු ගෙවිය යුතු ඉතිරි මුදල ගෙවන්න ඔහුට අපහසු වෙනවා. උදා- වාහනයේ වටිනාකම ලක‍ෂ විසි පහයි. ලීසිං සමාගමෙන් ලැඛෙන්නේ ලක‍ෂ විස්සයි. ඉතිරි ලක‍ෂ පහ ගැණුම්කරුට දෙන්න අපහසුයි. ඔහු බලාපොරොත්තු නොවුනු විදිහේ ප්‍රමාදයක් වෙන්න පුලූවන්. එම ලක‍ෂ පහ ඔහුට සොයා ගන්න බැරිම හේතුවක් වෙන්නත් පුලූවන්. ලීසිං සමාගම මේ වනවිට වාහනයේ පැවරුම අවසන් කරලා තිබුණොත් තවත් ගැටළුවක්.

මෙන්න මේ ප්‍රශ්න නිරාකරණය කිරීම සඳහා අප පුංචි කාර් නිවස වාහන උද්‍යානයේ විශේෂ ක්‍රමවේදයක් අනුගමනය කරනවා.

  1. ඩීඕ එකට වාහන නිකුත් කරන්නේ නැහැ.
  2. ඩීඕ එක ලබාගන්නා ගැණුම්කරු ඩීඕ එකත්, අතින් ගෙවිය යුතු මුදලත් පුංචි කාර් නිවසට භාර දෙනවා. (එසේ ලබා දෙන මුදල අප සමාගම භාරයේ තබන අතර එය වාහනයේ හිමිකරුට නිකුත් කෙරෙන්නේ නව අයිතිකරුට පැවරුම නිවැරැදි ලෙස සම්පූර්ණ වූ පසුවයි.)
  3. අප සමාගමෙන් ඩීඕ එක ලබාගන්නා වාහනයේ හිමිකරු ඩීඕ එකත්, ලීසිං සමාගම දන්වා තිඛෙන ලියකියවිලිත් රැගෙන ලීසිං සමාගමට ගොස් භාර දෙනවා.
  4. ලීසිං සමාගම පැවරුම සම්පූර්ණ කර චෙක්පත නිකුත් කරනවා.
  5. ගැණුම්කරුට වාහනය නිදහස් කිරීමත් හිමිකරුට ගෙවිය යුතු මුදල අප සමාගම මගින් ගෙවීමත් මෙදින සිදුවෙනවා.

දැන් බලන්න. මොනම ගැටළුවක්වත් ඇතිවන්නේ නැහැ. සියල්ලෙන් සියල්ල සුරක‍ෂිතයි. ගැටුම් නැහැ. ප්‍රමාදයන් නැහැ. ගැටළු නැහැ. සියල්ලන්ටම සතුටුයි.

පුංචි කාර් නිවස වාහන උද්‍යානය අපි ඔබ සුරකිමු.