ඉස්සර ලංකාවේ අපි වාහනවලින් ගිය උපරිම වේගය පැයට කි.මී 60 යි, හැටට හැටේ යනවා කියලා උපරිම වේගයට කිව්වෙ ඒ නිසයි, ඒත් දැන් ලංකාවේ වාහන වේගය වෙනස්වෙලා, දුර ගමන් මාර්ග පද්ධතිය කාපට් කරලා, හයිවේ හැදිලා, ඒ නිසා දැන් අපි සීයටත් සමහර අවස්ථාවල ඊටත් එහා වේගෙනුත් පාරෙ යනවා. එහෙම වේගයෙන් යන්න නම් අපි පදවන වාහනේ හරියටම තියෙන්න ඕනෑ. විශේෂයෙන්ම චැසිය, සමහර වාහනවල චැසිය ඇදවෙලා තියෙන්න පුලවන්. චැසිය බිඳිලා තියෙන්න පුලූවන්, අනතුරුවලට ලක් වෙලා චැසි පාහලා හදලා තියෙන්න පුලූවන්, චැසිය දිරලා තියෙන්නත් පුලූවන්, මෙවැනි තත්ත්වයකින් තියෙන වාහනයක් හරිම අනතුරුදායකයි. අධික වේගයෙන් ධාවනය කිරීමේදී විශාල අනතුරක් සිදුවෙන්න හොඳටම ඉඩ තියෙනවා. ගොඩක් වෙලාවට වේගයෙන් යද්දි බ්රේක් කළොත් වාහනේ පැත්තකට ඇදී යන්න පුලූවන්. ඒ නිසා සිදුවිය හැකි අනතුරේ ප්‍රමාණය කළින් මනින්න බැහැ. වාහනයක් ගන්නකොට හොයිස්ට් එකකට දාලා චැසිය පරීක‍්ෂා කරගන්නම කියන්න එක හේතුවක් තමයි ඒ.

ඔබ ගන්නා වාහනයේ යට දිරලා තිඛෙන්න පුලුවන්. ඉන්ධන ටැංකිය, සම්ප් එක, සයිලන්සරය තැලිලා, පාහලා, ඩැමෙජ් වෙලා තියෙන්න පුලූවන්. බ්රේක් බට ලයින් එක, සයිලන්සරය වාගෙ යටින් සවිකර ඇති අංග ගැලවිලා හෝ අඩමානෙට තිඛෙන්නත් පුුලුවන්. මේ හැම දෙයක්ම දැකගන්න පුලුවන් වෙන්නේ වාහනය ඔසවා බැලීමෙන්ම පමණයි.

ඉතින් වාහනයක් ගන්නකොට ඉස්සර වාගෙ උඩින් විතරක් බලලා හරියන්නෙ නැ. ඔබ ගමන් බිමන් යන්නේ ඔබේ ආදරණීයයන් එක්කයි. සැම දෙනාගේම ආරක‍්ෂාව ගැන සිතන්න. වාහනයක් ගන්නකොට නොවරදවාම වාහනය ඔසවා යට පරීක‍්ෂාව කර සෑහීමකට පත්වෙලාම ඉන්න.

පුංචි කාර් නිවසේ අපි මෙහෙම කියන්නේ අපි ළඟ හොයිස්ට් එක තියෙන නිසා ඒකට යොමු කරගන්න නෙවෙයි.  අපි හොයිස්ට් එක සවි කරලා මෙම සේවය ලබා දෙන්නේත් මෙම වැදගත්කම එතරම්ම බැරෑරුම් නිසාමයි  ඒ නිසා ඔබ වාහනයක් කොහෙන් ගත්තත් කමක් නෑ වාහනය ඔසවා චැසි පරීක්ෂාව කරලම ගන්න එක වැදගත් බව තේරුම් ගන්න දැන් අපේ වේගය ඉස්සරට වඩා වැඩියිනෙ.

පුංචි කාර් නිවස වාහන උද්‍යානය – අපි ඔබ සුරකිමු