එන්ජින් අංකය කොටන්න එපා. අලූත් එන්ජින් අංකය ලියාපදිංචි කරගන්න.

මෙන්න ඕනෑ කරන ලියකියවිලි

  1. එන්ජිම මිල දී ගත් රිසිට් පත
  2. වාහනයේ ලියාපදිංචි සහතිකය.
  3. වලංගු ආදායම් බලපත්‍රය
  4. සුඛෝපභෝගී බදු හෝ ඩීසල් බදු ඇත්නම් එම රිසිට් පත්.
  5. ඉහත සියල්ලෙහිම ඡායා පිටපත් 1 බැගින්.

දැන් මෙහෙම කරන්න.

  1. මෙම ලියකියවිලි රැගෙන නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට යන්න.
  2. CMT-72 අයැදුම්පත රැගෙන පුරවා භාර දෙන්න.
  3. රු.300ක් ගෙවා රිසිට් පත ලබා ගන්න.
  4. ඒ සමග දෙන ලේඛණ රැගෙන වේරහැර මෝටර් ප්‍රවාහන කාර්යාලයට යන්න.
  5. වේරහැරදී මෝටර් රථය පරීක‍ෂා කර CMT-130 නමැති මෝටර් රථ පරීක‍ෂණ සහතිකය ඔබට ලබාදෙනු ඇත.
  6. එම සහතිකය නැවත නාරාහේන්පිට මෝටර් ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර අලූත් එන්ජින් අංකය ලියාපදිංචි සහතිකයේ සටහන් කරගත හැකියි.

තවත් වැදගත් දෙයක්.

  1. මෙම වෙනස්කම කරගත හැක්කේ වාහනයේ ලියාපදිංචි අයිතිකරුට විතරයි.

මාලඹේ පුංචි කාර් නිවස වාහන උද්‍යානය අපි ඔබ සුරකිමු.