එන්ජින් අංකය කොටන්න එපා. අලූත් එන්ජින් අංකය ලියාපදිංචි කරගන්න.
මෙන්න ඕනෑ කරන ලියකියවිලි
- එන්ජිම මිල දී ගත් රිසිට් පත
- වාහනයේ ලියාපදිංචි සහතිකය.
- වලංගු ආදායම් බලපත්‍රය
- සුඛෝපභෝගී බදු හෝ ඩීසල් බදු ඇත්නම් එම රිසිට් පත්.
- ඉහත සියල්ලෙහිම ඡායා පිටපත් 1 බැගින්.
දැන් මෙහෙම කරන්න.
- මෙම ලියකියවිලි රැගෙන නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට යන්න.
- CMT-72 අයැදුම්පත රැගෙන පුරවා භාර දෙන්න.
- රු.300ක් ගෙවා රිසිට් පත ලබා ගන්න.
- ඒ සමග දෙන ලේඛණ රැගෙන වේරහැර මෝටර් ප්‍රවාහන කාර්යාලයට යන්න.
- වේරහැරදී මෝටර් රථය පරීකෂා කර CMT-130 නමැති මෝටර් රථ පරීකෂණ සහතිකය ඔබට ලබාදෙනු ඇත.
- එම සහතිකය නැවත නාරාහේන්පිට මෝටර් ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර අලූත් එන්ජින් අංකය ලියාපදිංචි සහතිකයේ සටහන් කරගත හැකියි.
තවත් වැදගත් දෙයක්.
- මෙම වෙනස්කම කරගත හැක්කේ වාහනයේ ලියාපදිංචි අයිතිකරුට විතරයි.
මාලඹේ පුංචි කාර් නිවස වාහන උද්‍යානය අපි ඔබ සුරකිමු.